Home / විහළු කතා / පිළිතුරු දෙන්ඩ බැරිවෙයි

පිළිතුරු දෙන්ඩ බැරිවෙයි

2015-06-19 11:31:00       584
feature-top
එක්තරා ත්‍රෛමාසික මහා සභාවක විශේෂාංගය ලෙස මෙවර පැවැතියේ මිනිස් ජීවිතයට ධනාත්මක චින්තනයේ යහපත් බලපෑම මැයෙන් වූ දේශනයයි.

එම දේශනය අවසානයේ පැවැති ඒ පිළිබඳ ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී තම බිරිඳගේ බාධා කිරීම් මධ්‍යයේ නැඟි සිටි ජයරත්න ඉතා අසීරුවෙන් වචන ගළපා මෙසේ ඇසුවේය.

'මොකද්ද ඔය ධනාත්මක සහ ඍනාත්මක කියන දෙකේ වෙනස?'

බීමතින් වැනෙමින් සිටි ඔහු දෙස සිනාමුසුව බැලූ දේශකයා මෙසේ පිළිතුරු දුන්නේය.

"සහෝදරයා, තමුන් නොබී ඉන්න වෙලාවක ඔය ප්‍රශ්නය ඇහුවොත් මට පුළුවන් ඔහේට සාර්ථක, පැහැදිලි පිළිතුරක් දෙන්ඩ."

'එහෙමනං ඔබතුමාට කවදාවත් මෙයාට ඕක පැහැදිලි කරලා දෙන්ඩ වෙන්නෙ නැහැ. මොකද මෙයා උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා රෑ නින්දට යනකංම ඉන්නෙ ටැප් වෙන්ඩ ගහලා.' ජයරත්නගේ බිරිඳ නැගී සිට කීවාය.

More News »