Home / විහළු කතා / රහස ඒකයි

රහස ඒකයි

2015-06-18 11:47:00       583
feature-top
'ඔබ දෙපළ දශක කීපයක් තිස්සේ බොහෝම ආදර්ශවත් පවුල් ජීවිතයක් ගෙවනවා. එකිනෙකා ගැන අවබෝධයෙන්, ගෞරවයෙන්, ප්‍රේමයෙන් යුග ජීවිතය හැළහැප්පීම්වලින් තොරව ගලා යාමට හේතුව මොකද්ද' සැප පහසු පුටුවක වාඩිවී ගෙල මඳක් ඇල කරගෙන සිනාමුසුව තමා දෙස බලා සිටින සිනමාවේදියා දෙස බලමින් අරුණ ඇසුවේය.

'ඒකට මට දෙන්න තියෙන්නෙ බොහොම සරල පිළිතුරක්. මගෙ බිරිඳ බොහොම දක්ෂ චිත්‍රපට සංස්කාරකවරියක්නෙ. එයා එඩිට් කළේ මගේ චිත්‍රපට විතරයි. කවදාවත් මම කියන කරන දේවල් එඩිට් කරන්න එයා උත්සාහ කළේ නැහැ. ඒක තමයි රහස.' සිනමාවේදියා තමා අසල වාඩිවී සිටි බිරිඳ දෙස බලා ඉඟි කරමින් කීවේය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »