Home / විහළු කතා / කැමැති ඒකට නෙමෙයි

කැමැති ඒකට නෙමෙයි

2015-06-03 09:46:00       586
feature-top
තම බල්ලා සමඟ මුහුදු වෙරළට ආ අජිත් තමා අතේ තිබූ බෝලයක් නොගැඹුරු මුහුදට විසිකොට එය රැගෙන ඒම සඳහා තම බල්ලා මෙහෙයවීය. බල්ලා වහා දිවගොස් ජලය මත පාවෙමින් තිබූ බෝලය ඩැහැගෙන විත් එය තම හාම්පුතා අසලදී බිම හෙළීය. මෙසේ ඔහු කීපවරක් බෝලය මුහුදට විසිකළ අතර ඒ සෑම වාරයකදීම බල්ලා දිවගොස් බෝලය ඩැහැගෙන පැමිණියේය. ටික වේලාවකින් මෙම ක්‍රියාවලිය හේතුවෙන් බල්ලා හතිවැටී හෙම්බත් වී සිටිනු පෙනිණ.

තමා අවට වැල්ලේ සිටි අය දෙස ආඩම්බරයෙන් බැලූ අජිත් තමා අසල සිටි තරුණයකු දෙසට හැරී මෙසේ කීවේය.

ඔහේ බොහෝම සතුටු වෙන්ඩ ඇති නේද මගෙ බල්ලගෙ හපන්කම් බලලා?

නෑ... මම වැඩිය කැමැතියි බල්ලා බෝලෙ මුහුදට විසිකරලා තමුසේ ඒක ඩැහැගෙන එනවා බලන්ඩ. තරුණයා තම කෝපය සඟවා ගනිමින් කීවේය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »