Home / විහළු කතා / දෙකක් දෙන්ඩ නෑ

දෙකක් දෙන්ඩ නෑ

2015-05-22 04:19:00       588
feature-top
රුපියල් නවයට තිබුණු අවම බස් ගාස්තුව රුපියල් 8 ක් කරලා ආණ්ඩුව කරපු පැහිච්ච වැඩෙන් නිකං අපරාදෙ සණ්ඩු සරුවල්වල පැටලෙන්නෙ බස් මගීන් වුණු මේ අපිනෙ. පිටකොටු ගොස් ආ දැදිගම කීවේ දාඩිය පිරුණු කමිසය ගලවා වැලට දමමිනි.

ඇයි වදේ! බස් ගාස්තුව අඩු කරපු එක නරකයි කියල ද ඔහේ ඔහ කියන්නෙ? බිරිය ඇසුවේ පුදුමයට පත් වෙමිනි.

නෑ හාමිනේ, බස් එකේදි දැන් අපි කොන්දොස්තරට රුපියල් 10 ක් දුන්නාම, දෙකක් දෙන්ඩ නෑ කියලා ඒකා කියන කොට, දෙකක් දෙන්ඩ ඕනෙ උඹෙ හොම්බට කියල ඕනෙ නැති කරදරවල පැටලෙන්නෙ මේ අපි නෙමෙයි ද? දැදිගම ඇසුවේය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »