Home / විහළු කතා / පොඩිපහේ සෙනඟක් ද එන්නෙ?

පොඩිපහේ සෙනඟක් ද එන්නෙ?

2015-05-21 06:36:00       586
feature-top

ඈ බං රූපවතී අක්කෙ, උඹලා ඔය ගේ සින්නක්ක‍ෙර්ට ගන්ඩ ගෙවල් අයිතිකාරයාට ඇඩ්වාන්ස් බැන්දයි කියන්නෙ ඇත්ත ද? ඉරිසියාව දරාගත නොහැකිව නෝනේ ඇසුවේ මිදුල අතුගාමින් සිටි රූපවතී වෙත කිට්ටු කරමිනි.

ඔව්, ඒක හැබෑව. ඒ විතරක් නෙමෙයි, අපේ මනුස්සයා ත්‍රීවීල් එකක් ගන්ඩත් සල්ලි බැන්දා ගිය සුමානෙ. රූපවතී උජාරුවෙන් කීවේ දෑස් නටවමිනි.

ඉතින් බං, උඹගෙ මිනිහා තවම කරන්නේ ඔය තැඹිලි කපන එක නේද? ඔච්චර දේවල් කළෑකිද ඒ ආදායමෙන්? නෝනෙ ඇසුවේ හිතට ආ සැකය සඟවා ගත නොහැකිවය.

මොකෝ බං බැරි? මේ දවස්වල අපේ මනුස්සයා තැඹිලි විකුණන්නෙ අල්ලස් කොමිසමේ ප්‍රධාන කාරියාලෙ ඉස්සරහනෙ. ස්වල්ප සෙනඟක්ද මේ දවස්වල එතනට එන්නෙ. ඒ හැමෝම වගෙ අපේ මනුස්සයගෙන් තැඹිලි බොනවා බං. රූපවතී කීවාය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »